ප්‍රධාන පුවත්

ව්‍යාජ CCTV දඩ SMS ගැන CERT අනතුරු අඟවයි

මාර්ගවල CCTV කැමරා මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින් ජනතාව වෙත යොමු කෙරෙන ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙම පණිවුඩ ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරන ලද නිල දැනුම්දීම් ලෙස පෙනී යන ආකාරයෙන් සකස් කර ඇති අතර, ව්‍යාජ දුරකථන අංක සහ සැකසහිත සබැඳි භාවිත කරමින් ජනතාව මුලා කරන බව අනාවරණය වී ඇත.

අදාළ සබැඳි ඔස්සේ පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරමින් රථවාහන දඩ මුදල් ගෙවීමට උපදෙස් ලබාදෙන බවත්, එම වෙබ් අඩවි රජයේ නිල GovPay ගෙවීම් පද්ධතියට බොහෝ සමාන ලෙස නිර්මාණය කර ඇති බවත් CERT ආයතනය පවසයි.

එවැනි වෙබ් අඩවි වෙත පිවිසීමෙන් බැංකු කාඩ්පත් තොරතුරු, OTP කේත, ජාතික හැඳුනුම්පත් තොරතුරු ඇතුළු සංවේදී පුද්ගලික දත්ත වංචාකරුවන් අතට පත්වීමේ අවදානමක් පවතින බවද එම ආයතනය අවධාරණය කරයි.

ඒ අනුව SMS හෝ WhatsApp මඟින් ලැබෙන සැකකටයුතු සබැඳි මත ක්ලික් නොකරන ලෙසත්, රථවාහන දඩ මුදල් ගෙවීමට පෙර වෙබ් අඩවියේ නිලභාවය තහවුරු කරගන්නා ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

තවද, GovPay හරහා රථවාහන දඩ මුදල් ගෙවිය යුත්තේ පොලිස් නිලධාරියෙකු විසින් නිල දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමෙන් අනතුරුව පමණක් බවද ශ්‍රී ලංකා CERT ආයතනය සිහිපත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button