
ප්රධාන පුවත්
වනාතවිල්ලුව ප්රා.ස. සභාපති ධුරය සජබයට හිමිවේ
වාරණ නියෝගයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනාතවිල්ලුව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවැත්විය.
එහිදී පොදු විපක්ෂයේ සහාය ලබාගත් සමගි ජන බලවේගයේ වින්සන් ප්රැන්සිස් මහතා වැඩි ඡන්ද 2කින් ජයගනිමින් සභාපති ධුරයට පත්විය.
ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 8ක් පමණි.
අනතුරුව පැවති උපසභාපති තේරීමේ ඡන්ද විමසීමේදී පොදු විපක්ෂය නියෝජනය කළ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තුසිත ලක්මාල් මහතා ඡන්ද 11ක් ලබා උපසභාපති ධුරයට තේරී පත්විය.



