අද විශේෂ

ජනපති ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹේ

ශ්‍රී සම්බුදු තෙමගුල නිමිත්තෙන් අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උපදෙස් අනුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව දිවයින පුරා වෙසක් වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

වෙසක් සැමරුම් සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙසේ පැවසීය.

“වෙසක් සැමරුම් සංවිධානය කරපු අයගෙන් අපි ඉල්ලන්නේ, මේ පිළිබඳව මඟපෙන්වීම් ඇතුළත් චක්‍රලේඛයේ තියෙනවා කළ යුතු දේ මොනවාද කියලා. පසුගිය වාරවල හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටවීම ආදිය එකතු වෙලා තිබුණා. අනෙක් කාරණය පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හෝ නැතිම කරන ලෙස මඟ පෙන්වීමක් කරලා තියෙනවා. පොලීසියට මේ ගැන උපදෙස් සපයලා තියෙනවා කළ යුතු හා නොකළ යුතු දේ ගැන…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button