කාලගුණය

ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං අනතුරු ඇඟවීමක්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා සක්‍රීයව පැවතීම හේතුවෙන් අද දිනයේ ද නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එම ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසිද ඇතිවිය හැකි බව නිවේදනයේ දැක්වේ.

ඌව පළාත සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළුව උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ අංශය පවසයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ හදිසි තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවටද උපදෙස් ලබාදී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button