ප්‍රධාන පුවත්

ඩොලරයේ විකුණුම් මිල රු.330 පනී

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය යළිත් රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික වාර්තාවෙන් අනාවරණය වේ.

අද (27) ප්‍රකාශයට පත් කළ අනුපාතිකයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 330.81ක් ලෙසත් දැක්වේ.

ඊයේ (26) දිනයේදී ඩොලරයක ගැනුම් අගය රුපියල් 318.32ක් ලෙස සටහන් වූ අතර විකුණුම් අගය රුපියල් 328.69ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව දිනක් තුළ ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව නවතම විනිමය දත්ත පෙන්වා දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button