
ප්‍රධාන පුවත්
සුගීෂ්වරට තලංගම පොලීසියෙන් කැඳවීමක් නව ජනතා පෙරමුණේ නායක
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (26) තලංගම පොලීසිය වෙත කැඳවා තිබේ.
ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසළ පැවති විරෝධතාවයක් අතරතුර සිදුවූ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා බව වාර්තා වේ.
මහා භාණ්ඩාගාරයට අදාළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වූ බවට නැගුණු චෝදනාවට විරෝධය පළ කරමින් පසුගිය 28 වැනිදා මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් ඉලක්ක කර අසූචි ප්‍රහාරයක් එල්ල වූ අතර, එහිදී ප්‍රදේශවාසීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබූ බව සඳහන් වේ.



