අධ්‍යාපන

ගුරු සේවයට බඳවාගැනීමේ තරග විභාගය සාර්ථකව නිමවේ

ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවාගැනීම වෙනුවෙන් පැවැත්වූ තරග විභාගය ඊයේ (24) දිවයින පුරා සාර්ථකව අවසන් වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විභාගය සඳහා උපාධිධාරීන් 160,000කට අධික පිරිසක් අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048ක් යොදාගෙන තිබුණි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 66,991 දෙනෙකු සහ අනෙකුත් උපාධිධාරීන් 96,442 දෙනෙකු මෙම තරග විභාගයට අයදුම්කර තිබූ බවය.

විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකුටද විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබූ බව සඳහන් වේ.

2023 වසරේදී රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සහ අභියාචනාධිකරණයේ පැවති නඩුවක් හේතුවෙන් එම විභාගය අත්හිටුවීමට සිදුවිය.

අදාළ නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව, රට පුරා පවතින ගුරු හිඟයට විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙවර රාජ්‍ය සේවයේ නියුතු සහ අනෙකුත් සියලු උපාධිධාරීන්ටද විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබාදී තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button