
ප්රධාන පුවත්
මහනුවර මහල් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු රෝහලට
මහනුවර ඊ.එල්. සේනානායක වීදියේ පිහිටි මහල් 6කින් සමන්විත ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අද (24) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඉන්ධන පිරවුම්හලකට යාබදව පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිටතට ඉදිකර තිබූ කොන්ක්රීට් බැල්කනියක් කඩා වැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් පසු කොන්ක්රීට් කැබැල්ලකට යටවී සිටි පුද්ගලයෙකු අසළ සිටි ජනතාව එක්ව බේරාගෙන වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහනුවර පොලීසිය විසින් ආරම්භ කර ඇත.



