
ප්‍රධාන පුවත්
බණ්ඩාරවෙල සූදු පොළක් වටලයි
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක වූ බව කියන සූදු පොළක් වටලා සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ ඒකකය සමත්ව තිබේ.
අද (23) අලුයම සිදුකළ මෙම වැටලීම බණ්ඩාරවෙල පොලිස් විශේෂ ඒකකයෙන් ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



