
දන්සැල් 2,388ක් ලියාපදිංචි වෙයි
වෙසක් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කිරීමට නියමිත දන්සැල් 2,388ක් මේ වනවිට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කළේ දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මැයි 29 දක්වා ක්‍රියාත්මක වන බවයි.
තවද දන්සලක් සංවිධානය කිරීමට සැලසුම් කරන පිරිස් හැකි ඉක්මනින් අදාළ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
එහිදී අදහස් දැක්වූ මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා,
” වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මස මුල සිට අපි ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඊයේ දිනය අවසන් වන විට දිවයින පුරා දන්සල් 2388ක් පමණ ලියාපදිංචි වී තිබුණා. මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉදිරියටත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වෙසක් පෝයට පෙර දිනය දක්වා මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිද්ධ කරනවා. නමුත් ඔබ දන්සලක් ලබා දීමට අදහස් කරන්නේ නම්, එම දන්සල හැකි ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිද්ධ කරගන්න. මොකද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු වගේම, එම දන්සල් කෙසේද සෞඛ්‍ය ක්‍රමානුකූලව ලබා දෙන්නේ කියන එක පිළිබඳව ඔබට දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලබනවා. එම කටයුතු සඳහා පහසුවීම සඳහාත්, ඔබ දන්සලක් ලබා දෙනවා නම් එය හැකි ඉක්මනින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවී ලියාපදිංචි කරගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.”



