උණුසුම් පුවත්

බැසිල්ට අධිකරණ වරෙන්තු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවකට අද (22) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

මාතර එළියකන්ද පාරේ බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගොනු කර ඇත.

අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම්දී ඇත්තේ ඔහු අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඒ සඳහා වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත්, දිගින් දිගටම අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button