ප්‍රධාන පුවත්

IMF ඩොලර් මිලියන 700ක් 27දා බලාපොරොත්තුවෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වනදා ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අපනයන ආදායම් සහ විදේශ ප්‍රේෂණවලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය ආධාරද මෙරට විදේශ විනිමය කළමනාකරණයට සහාය වන බවයි.

එසේම, ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර තුළ ඩොලර් මිලියන 480ක් දක්වාත්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් සහ තවත් අනුශාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50ක් ලබාගැනීමට හැකියාව පවතින බවද ඔහු පැවසීය.

“විදේශ විනියම ලබාගැනීමේදී අපනයනවලට අමතරව විදේශ ප්‍රේෂණවලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදා බොහෝදුරට බලාපොරොත්තු වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 700 අපට ලබා දෙයි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුළත ඩොලර් මිලියන 480ක් දක්වා ලබාගැනීමට හැකියාවක් තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් අනුශාංඝික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත් ලැබෙන්න තියෙනවා. ඒ නිසා මේක කළමනාකරණය කරගන්න කිසිදු ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button