
සෞඛ්‍යය
WHO වෙතින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය අවම කර මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමක් හිමිව තිබේ.
අදාළ ඇගයීම් සහතිකය අද (19) ජිනීවා නුවර පැවති 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්රමිතීන් සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව, මවගෙන් දරුවාට HIV සහ උපදංශ සම්ප්‍රේෂණය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක්විය.
මෙම සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත නිල වශයෙන් ප්රදානය කර තිබේ.



