
ප්‍රධාන පුවත්
2026 ඡන්ද ලියාපදිංචිය ගැන වැදගත් දැනුම්දීමක්
2026 වසර සඳහා වන ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වැදගත් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ඡන්ද හිමි නාම ලේඛනයට තම නම ඇතුළත් වී නොමැති පුද්ගලයින් හෝ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍ය අය තම ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත ගොස් ඒ පිළිබඳව විමසීම් කළ යුතු බව සඳහන් වේ.
2009.02.01 දිනට පෙර උපන් පුද්ගලයින්ට මේ සඳහා සුදුසුකම් හිමි වේ. ඉදිරි ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර තම තොරතුරු නිවැරදිව ඇතුළත් වී ඇතිදැයි තහවුරු කර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා ඇත.
.
https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx



