
ප්‍රධාන පුවත්
සබරගමුව උපකුලපති ඉවත් කිරීමට තීරණයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය දැරූ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කර ඇත්තේ, ඉදිරි පරිපාලන කටයුතු වඩාත් ක්‍රමවත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
කෙසේවෙතත්, උපකුලපතිවරයා ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳ මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසා ඇත්තේ, තමන් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති බවය.



