ප්‍රධාන පුවත්

තේ වතු හිමියන්ට රු.5,000ක අතිරේක පොහොර සහනාධාරය

රට තුළ පවතින වත්මන් ආර්ථික හා ජාත්‍යන්තර ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් පොහොර මිල ඉදිරියේදී වැඩිවිය හැකි බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

එම තත්ත්වය හමුවේ කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වනවිටත් භාණ්ඩාගාරය විසින් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දැනට රට තුළ පොහොර හිඟයක් නොමැති අතර අඛණ්ඩව පොහොර සැපයීම සිදුකරන බවයි. කෙසේවෙතත්, ජාත්‍යන්තර ප්‍රවාහන ගාස්තු සහ නැව් රක්ෂණ ගාස්තු ඉහළ යාමත් සමඟ ආනයනික පොහොර මිල වැඩිවීමක් සිදුවිය හැකි බවද හෙතෙම පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

”ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක පොහොර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.. නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා.. නැව් රක්ෂණ ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා.. ඒකත් එක්ක අපි ගේන පොහොරවල මිල ඉහළ යාමට ලක්වෙනවා.. පොහොර සපයනවා අඛණ්ඩව.. මිල ඉහළයාමක් වෙනවා.. මිල ඉහළ ගිහිල්ලා ගොවියට වෙන පීඩනය වළක්වන්න වී ගොවියට අපි හෙක්ටයාරයට රුපියල් 5,000ක සහනාධාරයක් දුන්නා.. මේ යුදමය තත්ත්වය නිසා අතිරේකව දුන්නා.. මේක හෙක්ටයාර 2ක් දක්වා දෙනවා.. ඒ කියන්නේ රුපියල් 10,000ක් හම්බවෙනවා.. අපි කුඩා තේ වතු හිමියන්ට රුපියල් 5,000ක අතිරේක සහනාධාරයක් දෙන්න තීන්දු කළා මේ යුද්ධය නිසා.. ඒ අනුව පොහොර හිඟයක් ඇති වෙන්නේ නෑ.. මිල ඉහළ යාමක් වෙන්න පුලුවන්.. ඒ මිල ඉහළ යාමේදී ගොවියාට වෙන්න පුලුවන් පාඩුව අවම කිරීමට රජය මේ විදිහට සහනාධාරයක් වැඩි කරලා ලබා දෙනවා..”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button