ප්‍රධාන පුවත්

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයට අවසර

යූරියා පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලියට පෞද්ගලික ආයතන එක්කර ගැනීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ, ඒ අනුව පවතින පොහොර ගැටලු මෙම සතිය ඇතුළත විසඳීමට හැකිවනු ඇති බවය.

තවද ගොවීන්ගේ සංවේදීභාවය සැලකිල්ලට ගනිමින්, රට තුළ කෘත්‍රිම ලෙස පොහොර හිඟයක් ඇති බවට වැරදි ප්‍රචාර නොකරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

රට තුළ දැනට අවශ්‍ය තරම් පොහොර තොග පවතින බවත්, ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම වෙනුවෙන් රජය දැනටමත් සැලසුම් සකස් කර අවසන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button