ප්‍රධාන පුවත්

හෙල්මට් නොමැතිව යතුරුපැදිය ධාවනය කළ තරුණියන් අත්අඩංගුවට

ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳ යතුරුපැදියක ගමන් කරන තරුණියන් තිදෙනෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල වේගයෙන් ප්‍රචාරය විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, අදාළ යතුරුපැදිය සහ එයට සම්බන්ධ තරුණියන් තිදෙනා හඳුනා ගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව, බුත්තල පොලීසිය විසින් යතුරුපැදිය ධාවනය කළ තරුණිය සහ භාවිත කළ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන ඇත. යතුරුපැදියේ හිමිකාරියට එරෙහිවද නීතිමය පියවර ගෙන නඩු පවරා ඇති බව සඳහන්ය.

පොලීස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරියන් තිදෙනා හිදිකිවුල, උනාවටුන සහ මොනරාගල ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි. තවද යතුරුපැදිය පැදවූ තරුණිය සතුව රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් යතුරුපැදිය ධාවනය කළ තරුණිය අද (11) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button