
තායි හිටපු අගමැති තක්සින් ෂිනවත්රාට නිදහස
තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත්රාට සිර දඬුවම් කාලය අඩු කිරීමෙන් අනතුරුව නිදහස හිමිව තිබේ. දූෂණ සහ බලය අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා මත ඔහුට මීට පෙර වසර 8ක සිර දඬුවමක් නියම කර තිබුණි.
76 හැවිරිදි තක්සින් 2001 සිට 2006 දක්වා තායිලන්තයේ අගමැති ධුරය දරා ඇති අතර, පසුව නීතිමය ගැටලු හේතුවෙන් දඬුවම් ලැබීය. කෙසේවෙතත්, එරට රජුගේ මැදිහත්වීමෙන් ඔහුගේ සිර කාලය වසරක දක්වා අඩු කර තිබූ බව වාර්තා වේ.
හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර, මාස 6කට ආසන්න කාලයක් විශේෂ වෛද්‍ය පහසුකම් යටතේ රැඳී සිටියේය.
ඔහුගේ වයස සහ යහපත් හැසිරීම සැලකිල්ලට ගනිමින් තායි අධිකරණ අමාත්‍යාංශය මඟින් තවදුරටත් සහනයක් ලබා දී, සිර දඬුවම් කාලය මාස 8 දක්වා සීමා කිරීමෙන් පසු නිදහස ලබාදී ඇත.
නිදහස ලැබීමෙන් අනතුරුව තක්සින් සිය දියණිය සහ පවුලේ සාමාජිකයන් සමඟ එම අවස්ථාව සමරූ අතර, ඔහුගේ පක්ෂ ආධාරකරුවන් ද බන්ධනාගාරය අසල රැස්ව ප්‍රීති ඝෝෂා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.



