උණුසුම් පුවත්

ඒකක 180ට වැඩි ගෘහස්ථ විදුලි ගාස්තු 18%කින් ඉහළට

2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් මාසිකව ඒකක 180ට වැඩි විදුලි භාවිතයක් ඇති පිරිසට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කොමිෂන් සභාව සඳහන් කළේ, මාසික විදුලි භාවිතය ඒකක 180ට අඩු ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.

විදුලි නිෂ්පාදන හා සැපයුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම කාර්තුව සහ ඉදිරි කාර්තුව සඳහා රුපියල් බිලියන 38ක පමණ මූල්‍ය හිඟයක් ඇතිවීම ගාස්තු සංශෝධනයට ප්‍රධාන හේතුවක් වී ඇති බවද සඳහන් වේ.

එසේම රජය විසින් රුපියල් බිලියන 15ක සහන මුදලක් ලබාදීමට ලිඛිත එකඟතාව පළ කිරීමත් සමඟ මෙම ගාස්තු ඉහළ දැමීම බලපාන්නේ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 5%කට පමණක් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඒ අනුව, ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%කට මෙම නව ගාස්තු සංශෝධනයෙන් බලපෑමක් නොමැති බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button