උණුසුම් පුවත්

කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගනී

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවස තුළදී ඔහු මියගොස් සිටියදී සොයාගෙන ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබේ.

කපිල චන්ද්‍රසේන මහතා ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුවක් හේතුවෙන් ඇප මත මුදාහැර සිටි අයෙකි.

අධිකරණයේ විශ්වාසය කඩ කළ බවට එල්ල වූ චෝදනා මත ඔහු යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (07) අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූ බවද වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button