ප්‍රධාන පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණයට ගුරු උපදේශක සහාය අවශ්‍යයි

පළමු ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන අධීක්ෂණය කිරීමේ විධිමත් ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන් සම්බන්ධ කර ගැනීම වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

ඇය මේ අදහස් පළ කළේ ඊයේ (06) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන රැස්වීමේදීය. එහිදී දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කර තිබේ.

ඩිජිටල් කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව පාසල්වල තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීම සහ නව ඉගැන්වීම් ක්‍රම හරහා සිසුන්ගේ දැනුම හා කුසලතා නිශ්චිත මිනුම් ක්‍රමයකින් ඇගයීමට ලක් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

එමෙන්ම, විෂය ක්ෂේත්‍ර අනුව විශේෂඥ දැනුම සහිත පාර්ශ්වයන්ගේ සහාය ලබාගැනීමෙන් මොඩියුල සමාලෝචන ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂම කළ හැකි බවද ඇය පෙන්වා දුන්නාය. නව ප්‍රතිසංස්කරණ හරහා සිසුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button