
අධ්‍යාපන
ශිෂ්‍යත්ව අභියාචනා හෙට සිට online
2025 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 2026 වසරේ 6 ශ්‍රේණියට පාසල් ඇතුළත් කිරීම් සඳහා දෙවන වටයේ අභියාචනා භාරගැනීම හෙට (08) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, අභියාචනා 2026 මැයි 08 සිට මැයි 29 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk හරහා හෝ සෘජු online පද්ධතිය ඔස්සේ උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ අවස්ථාව ලබාදී ඇත.
නියමිත කාලසීමාවෙන් පසුව අයදුම් භාර නොගන්නා බැවින්, සුදුසුකම්ලාභී සිසුන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් අදාළ කාලය තුළ අභියාචනා ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.



