
ප්‍රධාන පුවත්
කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ 12,000 ඉක්මවයි
ගතවූ වසර තුනක කාලය තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 12,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
2023, 2024 සහ 2025 වසරවල ලැබුණු එම පැමිණිලි අතරින් 2,300කට අධික ප්‍රමාණයක් විසඳා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2023දී පැමිණිලි 4,103ක් ලැබී ඇති අතර ඉන් 753ක් විසඳා තිබේ. ඉතිරි 3,348ක් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු කටයුතු ක්‍රියාත්මක වේ.
2024 වසරේදී ලැබුණු 3,159 පැමිණිලි අතරින් 982ක් විසඳා ඇති අතර, 2,177ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරේ.
එසේම 2025 වසරේදී පැමිණිලි 4,742ක් වාර්තා වී ඇති අතර, ඉන් 572ක් විසඳා තිබේ. අනෙක් 4,170 පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන හා නඩු පැවරීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.



