
උණුසුම් පුවත්
ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කර ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 6,245ක් ලෙස දැක්වේ.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,500ක් බව සඳහන්ය.



