
ප්‍රධාන පුවත්
ලෝක බැංකුවෙන් රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයට සහාය
ශ්‍රී ලංකාවේ ආදායම් උපයන රාජ්‍ය ආයතන නවීකරණය හා ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan ප්‍රකාශ කර තිබේ.
ඒ, අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවකදීය.
මෙම සාකච්ඡාවේදී ආදායම් උපයන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ, නවීකරණ වැඩසටහන් සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කර ඇත.
එමෙන්ම, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශය සමඟ ඉදිරියේදී ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක අභ්‍යන්තර වැඩපිළිවෙළවලටද ලෝක බැංකු නියෝජිතයන්ගේ සහභාගීත්වය ලබා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය වී ඇත.



