ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය ව්‍යාපෘතිය 2027 මුලදී ඇරඹෙයි

ලබන වසර මුලදී ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව, දැනට ක්‍රියාත්මක දුම්රිය සේවාවට අමතරව නවීන විද්‍යුත් දුම්රිය පද්ධතියක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ දැනට භාවිත වන පුළුල් පළල දුම්රිය මාර්ග (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standard Gauge) භාවිතා කරමින් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමටද සැලසුම් කර ඇත.

කොළඹ තදාසන්න දුම්රිය සේවාව නවීකරණය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය සැලසුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අනුව, Colombo Suburban Railway Project සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ,

  • කැලණිවැලි මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා,

  • ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වා,

  • මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා

විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම, ක්‍රියාත්මක කිරීමේදී මුහුණදිය හැකි අභියෝග සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button