
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
අද (28) පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය නිල වශයෙන් දැනුම් දුන් බව වාර්තා වේ.
2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට පත් වූ ශම්මි සිල්වා මහතා, එතැන් සිට වසර 7කට ආසන්න කාලයක් එම තනතුර දරමින් කටයුතු කළේය.
කෙසේ වෙතත්, පසුගිය කාලයේදී ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ විවිධ චෝදනා මෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉල්ලා අස්වන ලෙස සිදුකළ බවට පැතිර ගිය වාර්තාද මෙම තීරණයට පසුබිමක් වී ඇතැයි සඳහන් වේ.
තවද, ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමනාකරුවෙකු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ඉහළම පාර්ශ්ව හමුවී වත්මන් ක්‍රිකට් පරිපාලනය පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද වාර්තා වෙයි.



