
ප්‍රධාන පුවත්
රාජ්‍ය අංශයේ සේවකයින් 9,800කට ස්ථිර පත්වීම්
රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සේවයේ නිරතව සිටින සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් ආයතනවල මෙලෙස සේවය කරන පුද්ගලයින් සම්පූර්ණයෙන්ම 9,800කට ආසන්න සංඛ්‍යාවක් ලෙස හඳුනාගෙන ඇත.
2026 අයවැය යෝජනා අංක 33.11 අනුව, මෙම සේවකයින් ස්ථිර සේවයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
එම යෝජනාවට අනුව, ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාත් එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.



