උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (27) උදෑසන ඉලවාලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මන්ත්‍රීවරයා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ පසුගිය 25 වනදා යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් වන අතර, එහිදී මන්ත්‍රීවරයා ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී ඇත.

එම සිද්ධියට හේතුවී ඇත්තේ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ අයිතිවාසිකම් ගැටළුවකි. අදාළ ඉඩම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක්ද මේ වනවිට විභාග වෙමින් පවතින අතර, එය තමන්ට අයත් බව මන්ත්‍රීවරයා පවසයි. ඒ අතර, තවත් කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය තමන්ට ඇති බවට ප්‍රකාශ කර තිබේ.

අදාළ දින මන්ත්‍රීවරයා එම ඉඩම පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතව සිටියදී, කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ, ඉඩමේ කොටසක් තමන්ට අයත් බව කියමින් විරෝධය පළ කර තිබේ. ඒ අතර සිදුවූ බහින්බස්වීම තවත් උත්සන්න වීමත් සමඟ මන්ත්‍රීවරයා විසින් තර්ජනාත්මක හැසිරීමක් දක්වා ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button