ප්‍රධාන පුවත්

වැඩි මිලට සහල් හා ජල බෝතල් අලෙවි කරන්නන් සොයා වැටලීම් – වෙළෙඳසැල් කිහිපයකට දඩ

වැඩි මිලට සහල් සහ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයක් සම්බන්ධයෙන් පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

පසුගිය 24 වැනිදා මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ සහ හපුතලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළෙඳසැල් ඉලක්ක කරමින් හදිසි වැටලීම් සිදුකර ඇත. එහිදී කීරි සම්බා ඇතුළු සහල් වර්ග පාලන මිල ඉක්මවා අලෙවි කළ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල වෙළෙඳසැල් කිහිපයකට රුපියල් ලක්ෂයක බැගින් දඩ මුදල් නියම කර ඇත. හපුතලේ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකුට රුපියල් ලක්ෂ 5ක දඩයක්ද අධිකරණය විසින් නියම කර ඇත.

මෙයට අමතරව උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුටද නීතිමය පියවර ගෙන තිබේ. ඒ අනුව හපුතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 10ක දඩයක් සහ අනුරාධපුරයේ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක්ද අධිකරණය විසින් නියම කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button