
අද සිට සාගරිකා දුම්රිය යළි ධාවනයට – පිලීපැනීමෙන් පසු සේවාව සාමාන්‍යයි
පසුගියදා පිලීපැනීමකට ලක් වූ “සාගරිකා” දුම්රිය අද (27) සිට යළි ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, අද සිට මෙම දුම්රිය සාමාන්‍ය පරිදි සේවයට එක්වන බවයි.
අදාළ අනතුර පසුගිය 24 වනදා සිදුවූ අතර, බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමට ලක්ව තිබුණි. එහිදී මැදිරි 13 අතරින් 11ක් පිලීපැනීමකට ලක්වූ බව වාර්තා විය.
මෙම සිද්ධියට අදාළව දුම්රියේ සේවය කළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනෙකු තාවකාලිකව ධාවන කටයුතු වලින් ඉවත් කර ඇත. විමර්ශන අවසන් වන තෙක් ඔවුන් නැවත සේවයට කැඳවීමක් සිදු නොවන බවද සඳහන් වේ.
ඉවත් කර ඇති අය අතර රියදුරු, නියාමක, රියදුරු සහයක සහ උප නියාමකවරයා ඇතුළත් වේ.
එමෙන්ම, මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරන්නේ, පරිපාලන දෝෂ වසන් කිරීමේ උත්සාහයක් ලෙස මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අතරම, තාක්ෂණික දෝෂ සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් කිරීම සහ නියමිත වේග සීමාවන්ට අනුකූලව ධාවනය කිරීම පිළිබඳව දුම්රිය රියදුරු සංගමය දැනටමත් තීරණ ගෙන ඇති බවද වාර්තා වේ.



