ප්‍රධාන පුවත්

හැකර් ප්‍රහාර වලින් ආරක්ෂා වන්නේ කෙසේද? BEC ක්‍රමවේදය සහ ISO 27001 වැදගත්කම පැහැදිලි කිරීමක්

මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5කට අධික මුදලක් හැකර්වරුන් වෙත යාම වැනි සිදුවීම්, නිසි තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්නේ නම් වැළැක්විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පෙන්වා දෙයි.

ඔහු පැහැදිලි කළේ, මෙම සිදුවීමට මූලික වශයෙන් භාවිතා කර ඇත්තේ වර්තමානයේ බහුලව දක්නට ලැබෙන “Business Email Compromise (BEC)” නම් සයිබර් ප්‍රහාර ක්‍රමවේදය බවයි. එය විශේෂයෙන්ම ආයතනික ඊමේල් පද්ධති ඉලක්ක කරමින් සිදුකරන වංචාකාරී ක්‍රියාවක් වන අතර, පෞද්ගලික අංශයේ ආයතන රැසක් ද මේවාට ගොදුරු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

තවද, ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙරට බැංකු පද්ධතියට “ISO 27001” නම් සයිබර් ආරක්ෂණ තත්ත්ව සහතිකය ලබාගැනීමට දැනුම් දී ඇති බැවින්, බැංකු ක්ෂේත්‍රය තුළ සයිබර් ප්‍රහාර අවදානම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව, රටේ මුදල් පරිපාලනය සම්බන්ධයෙන් විශාල වගකීමක් භාරගන්නා මහා භාණ්ඩාගාරය වැනි ආයතනද එවැනි සම්මත ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළා නම්, මෙවැනි සිදුවීම් වළක්වාගැනීමට හැකියාව තිබූ බව අසේල වෛද්‍යලංකාර මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ අසේල වෛද්‍යලංකාර මහතා.

“මෙම සයිබර් පහරදීමට Business Email Compromise (BEC) ක්‍රමවේදය භාවිතා කර තියෙන්නේ. මේක ගොඩක් පෞද්ගලික අංශයේ ආයතනවලට වෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට අපි හිතමු ඉන්වොයිස් එකක් යවනවා එක ආයතනයකින්. ඒ ඉන්වොයිස් එක මැදට ඇවිල්ලා, ඉන්වොයිස් එකේ තොරතුරු මාරු කරලා, ඒක වෙනම ගිණුමකට යවනවා.

ගැටලුව වෙන්නේ මේක ‘ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන්’ එකක්. අනික රටක මුදල් අමාත්‍යාංශයේ ශාඛාවක්. එතනදි කොහොමද මේක වෙන්නේ?.

මේ වගේ දේවල් අඩු කරගන්න තාක්ෂණික මෙවලම් තියෙනවා. ඒවා භාවිතා කරලා තියෙනවද නැද්ද?, එතකොට ‘ඊමේල් එක්ස්චේන්ජ්’, ඒවා ලේටස්ට් ඒවද?, ඒවට ‘පැච්’ කරලා තියෙනවද?.

ඒ ‘සයිබර් සිකියුරිටි’ එක කොහොමද කළමනාකරණය වෙන්නේ?, කවුද ඒක බලන්නේ? ඒ වගේ මං හිතන්නේ ආයතනයේ ව්‍යුහාත්මක පැත්ත පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා.

ලංකාවේ බැංකුවලට මහ බැංකුවෙන් නියෝගයක් කරලා තියෙනවා ‘ISO 27001’ යන කියන ‘සයිබර් සිකියුරිටි’ සම්බන්ධ ISO තත්ත්ව සහතිකය ලබාගත යුතුයි කියලා. ඒක ලබාගැනීමෙන් පසු භාහිර විගණනයක් කරන්න ඕනේ හැම අවුරුද්දකටම.

නමුත් රටේ සල්ලි හුවමාරු වෙන මුදල් අමාත්‍යාංශය වගේ තැනක, ඒ වගේ ISO තත්ත්ව සහතිකයක් නොතිබෙන එක මම දකිනවා අඩුපාඩුවක් විදිහට. 

‘ISO 27001’ කියන තත්ත්ව සහතිකය ලබාගැනීමෙන් අදහස් වෙන්නෑ හෙට ඉඳන් ‘හැක්’  වෙන්නේ නැහැ කියන එක. නමුත් ඒකෙන් ‘සයිබර්’ පහරදීම් අවම කරගන්න අවශ්‍ය ක්‍රමවේදය තියෙනවා.

හැමදාම බැංකු හැක් වෙන්නේ නැහැනේ. මොකද ඔවුන් ඒ තත්ත්ව සහතික, සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් ඒ ක්‍රියාවලිය අනුගමනය කරන හින්දා.

නමුත් මහා භාණ්ඩාගරය බැංකුවකටත් එහා ගිය රටේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන තැනක්නේ. ඉතින් ඒ තැනදීත් බැංකු අනුගමනය කරන ‘කන්ට්‍රෝල්ස්’ බැලුවා නම් සමහර විට මේ තත්ත්වය අවම කරගන්න පුළුවන්” යැයි පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button