ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා–ඔස්ට්‍රේලියා ණය වාරිකයේ ගැටලුව: සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් එක්ව විමර්ශනයක්

ශ්‍රී ලංකාව විසින් ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය වාරික සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව තමන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

එම තත්ත්වය සම්බන්ධයෙන් දෙරටේම අදාළ නිලධාරීන් එක්ව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය. මෙම කරුණු ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක් හරහා ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම, මෙම විමර්ශනය පැවැත්වෙන අතරතුරද ශ්‍රී ලංකාව ණය තිරසාරභාවයට ළඟා වීමට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහාය ලබාදෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අයත් පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. එම ප්‍රහාරය හරහා සිදු වූ බවට සැක කෙරෙන මුදල් සොරකමක් පිළිබඳවද මේ වනවිට විවාදයක් මතුව තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පවසන්නේ, ශ්‍රී ලංකාව විසින් ගෙවා ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් සයිබර් හැකර්වරුන්ගේ අතට පත්ව ඇති හැකියාව පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button