
කැස්බෑව ඉන්ධන හලක ඔත්තේ ඉරට්ටේ ගැටුමක් – රියදුරු පොම්පකරුට පහරදීමේ සිද්ධියක්
කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ පිහිටි ඉන්ධන හලකදී මෝටර් රථයක රියදුරෙකු විසින් පොම්පකරුට පහරදීමක් සිදුකළ බවට කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
අද (22) දින ක්රියාත්මක වූ වාහන ලියාපදිංචි අංක තහඩු ක්රමයට අනුව, ඉරට්ටේ දිනකදී ඔත්තේ අංකයක් සහිත වාහනයකට ඉන්ධන ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇති බව පොලීසිය සඳහන් කරයි.
තවද, රියදුරු විසින් තම වාහනයේ වම්පස අසුනේ සිටි කාන්තාවක් පෙන්වා ඇය තෙල් සංස්ථාවේ නිලධාරිනියක් බව කියා ඉන්ධන ලබාගැනීමට උත්සාහ කළද, එය ප්රතික්ෂේප කිරීමෙන් පසුව උරණව මෙම පහරදීම සිදුකර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය අනුව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව සමඟ එක්ව විමර්ශන ක්රියාත්මක කරමින්, සැකකාර රියදුරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.



