
ප්‍රධාන පුවත්
කොළඹ බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ ප්‍රචාර අසත්‍යයි – පොලිසිය නිලවශයෙන් ප්‍රතික්ෂේප කරයි
කොළඹ ඇතුළු ජනකාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි කිහිපයක පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, එවැනි කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තාවී නොමැති බවයි.
කෙසේ වෙතත්, කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය.
එම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.



