විදෙස්

ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් – තර්ජන මැද සාකච්ඡා නොකරන බව ප්‍රකාශ කරයි

එක්සත් ජනපදය සමඟ ඇතිව තිබෙන තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, තර්ජන සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා දුර්වල වන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් පවසයි.

ඔහු සිය X ගිණුම හරහා සටහනක් තබමින් මේ පිළිබඳව අදහස් පළ කර තිබේ. එම ප්‍රකාශයත් සමඟ ඉරානය සහ එක්සත් ජනපදය අතර ඇති නොසන්සුන්තාව වැඩි වශයෙන් තීව්‍ර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කථානායකවරයා අවධාරණය කරන්නේ, පීඩනයක් යටතේ හෝ තර්ජන මැද කිසිදු සාකච්ඡාවකට ඉරානය සූදානම් නොවන බවයි.

වොෂින්ටනය සාකච්ඡා ක්‍රියාවලිය යටත් වීමක් ලෙස හැරවීමට උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දෙයි.

තවද, තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් යුද භූමියේදී නව උපායමාර්ග භාවිතා කිරීමට ඉරානය සූදානම්ව සිටින බවටද ඔහු දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button