
Tech
සමාගමේ CEO ටිම් කුක් ඉවත්වෙයි – නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ටර්නස් පත් වේ
Apple Inc. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim Cook තම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, 2026 සැප්තැම්බර් 1 වන දින සිට සමාගමේ නව CEO ලෙස John Ternus වැඩ භාරගැනීමට නියමිතය. ඔහු වර්තමානයේ සමාගමේ දෘඩාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
තවද, CEO ධුරයෙන් ඉවත්වන Tim Cook, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපති ලෙස නව භූමිකාවක් භාරගන්නා බවද සමාගම නිවේදනය කර තිබේ.



