ප්‍රධාන පුවත්

වසරේ මුල් මාස 4 තුළ සංචාරකයින් 8 ලක්ෂය ඉක්මවයි – අප්‍රේල් පැමිණීම් අඩුවෙයි

2026 වසරේ ආරම්භයේ සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව, ජනවාරි 1 සිට අප්‍රේල් 15 දක්වා සමස්ත සංචාරක පැමිණීම් 809,595ක් ලෙස වාර්තා වී තිබේ. එයින් ඉහළම ප්‍රමාණය ඉන්දීය සංචාරකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 167,095ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය වැනි රටවලින්ද විශාල සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

අප්‍රේල් මාසය පිළිබඳව විශේෂයෙන් සලකා බැලූ විට, එම මාසයේ පළමු 15 දින තුළ පමණක් සංචාරකයින් 68,961 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, පසුගිය මාස සමඟ සසඳන විට අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම් පැහැදිලිවම පහළ යාමක් දක්නට ලැබෙන බව ද එම දත්ත වලින් හෙළි වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button