
අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක්: වෙළෙඳුන් 400කට නීතිමය පියවර
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයත් සමග දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් විශාල පරිමාණයේ වැටලීම් ක්‍රියාත්මක කර ඇති අතර, එම වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, අප්‍රේල් 1 සිට 12 දක්වා කාලය තුළ වැටලීම් 2,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවයි. එම කාලය තුළ වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇත.
පරීක්ෂාවන් අතරතුර සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයෙන් ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර විකිණීම වැනි අක්‍රමිකතා හඳුනාගෙන, ඒ සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැල්වලට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මෙවැනි වැටලීම් ඉදිරි වෙසක් සහ පොසොන් උත්සව සමයන්හිදීද තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



