ප්‍රධාන පුවත්

කටුනායකදී චීන සයිබර් අපරාධ කරුවන් 9ක් අත්අඩංගුවට – මිලියන 24ක උපකරණ

විදේශීය සයිබර් අපරාධ ජාලයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව දැඩි කරමින්, කටුනායක ගුවන්තොටුපොළේදී චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක හා මූල්‍ය සයිබර් අපරාධ සිදුකිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි බවට සැක කෙරෙන චීන ජාතිකයන් නව දෙනෙකු අද (16) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක්ද ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් භාරයට ගෙන තිබේ.

මෙම පිරිස අද අලුයම 12.25ට චීනයේ කුංමිං නගරයෙන් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණි.

සැකකරුවන් විසින් සිය සිරුරට සහ ඇඳුම් තුළ සෙලෝටේප් යොදා සඟවාගෙන ගෙනා ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06ක් මෙහිදී හමුවී ඇත.

අත්අඩංගුවට ගත් මෙම පිරිස වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් භාරයේ තබාගෙන සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button