ප්‍රධාන පුවත්

අවුරුදු සමයේ සුරාසැල් වසා තැබෙන දින ප්‍රකාශයට – දින දෙකක් මත්පැන් අලෙවිය නවතයි

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය සලකා බලා දිවයින පුරා සුරාබදු බලපත්‍ර යටතේ ක්‍රියාත්මක වන සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, අප්‍රේල් මස 13 සහ 14 යන දින දෙක තුළ දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තැබීම අනිවාර්ය වන අතර, එය අවුරුදු උත්සව සමය නිමිත්තෙන් ගත් පියවරක් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පැවසීය.

එමෙන්ම, එම කාලය තුළ සිදුවිය හැකි සුරා හා දුම්කොළ සම්බන්ධ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය වෙත සම්බන්ධ වූ 1913 ක්ෂණික ඇතුම් දුරකථන අංකය භාවිතා කරන ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button