ප්‍රධාන පුවත්

කොහුවල ඝාතනය: විදෙස් කාන්තාවක් මරා දැමූ සිද්ධියට චීන ජාතිකයෙකු අත්අඩංගුවට

පසුගියදා කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයකදීය. අත්අඩංගුවේදී ඔහු සන්තකයේ තිබූ කැමරා තුනක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 280ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ සැකකරු වයස අවුරුදු 26ක් වන චීන ජාතිකයෙකු බව වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (06) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන කොහුවල පොලිසිය විසින් ක්‍රියාත්මක කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button