කාලගුණය

අද සිට දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

අද (02) දින ආරම්භයෙන් ඉදිරි දින කිහිපය තුළ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු වායුගෝලීය තත්ත්වයක් පවතින බව නිවේදනය කරයි.

විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වල පස්වරු 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වර්ෂාවක්ද ලැබිය හැකි බව පුරෝකථනය කරයි.

දකුණු පළාතේත් අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි තත්ත්වයන් ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button