ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ODI තරගය අද රාත්‍රියේ

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද (03) ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වේ.

නව ක්‍රිකට් පරිවර්තන කමිටුව සහ තේරීම් කමිටුව යටතේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලිය මෙය වන අතර, කුසල් මෙන්ඩිස් යළිත් කණ්ඩායමේ නායකත්වය දරයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ ගැරී කර්ස්ටන්ගේ පළමු ජාත්‍යන්තර තරගාවලි අත්දැකීමද මෙම සංචාරයයි.

දෙරට අතර මේ දක්වා එක්දින තරගාවලි 10ක් පවත්වා ඇති අතර, ඉන් 6ක ජය ශ්‍රී ලංකාව සතුය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලි 3ක් ජයගෙන ඇති අතර, එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

අවසන් වරට 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අද තරගයට නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු ඇතුළත් වෙති.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button