
Tech
Artemis II සඳ ගවේෂණය ඇරඹේ: වසර 53කට පසු සඳ ආසන්නයට යන නව මෙහෙයුම
වසර 53කට පසුව මිනිසුන් සමඟ සඳ ආසන්නයට ගමන් කරන ඉතිහාසගත ගවේෂණයක් ලෙස Artemis II අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව ආරම්භ වී තිබේ.
ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් මෙම යානය, ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ, සිට අභ්‍යවකාශයට යැවිය.
දින 10ක් පුරා පවතින මෙම ගවේෂණ චාරිකාවේදී සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් සිදු නොවන අතර, සඳ ආසන්නයට ගමන් කරමින් පෘථිවියට ආපසු පැමිණීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මිනිසා සඳ මත අවසන් වරට පා තැබීමෙන් පසු, මිනිසුන් සහිතව සඳ ආසන්නයට ගමන් කරන පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.
අභ්‍යවකාශ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, මෙම මෙහෙයුම ඉදිරියේදී සඳ මත මිනිස් ජනාවාසයක් ස්ථාපිත කිරීමේ දිගුකාලීන අරමුණ සඳහා වැදගත් පියවරක් බවයි.




