ප්‍රධාන පුවත්

ගාල්ල දුම්රිය ස්ථානය අසල භාවිතයෙන් ඉවත් කළ මැදිරි 2කට හදිසි ගින්නක්

ගාල්ල දුම්රිය ස්ථානය අසල ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි අතරින් මැදිරි දෙකක් හදිසි ගින්නකට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම ස්ථානයේ මුළු මැදිරි 04ක් ගාල් කර තිබූ අතර, එයින් දෙකක් ගිනිගෙන තිබේ. ගින්න ඇතිවීමෙන් අනතුරුව ගිනි නිවීමේ හමුදාව විසින් ඉක්මනින් ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.

මෙම සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button