අද විශේෂ

2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

 

2025 වසර සඳහා පැවැත්වුණු උසස් පෙළ (A/L) විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී සාර්ථකව පැවැත්වී ඇත. මෙම විභාගයට සමස්ත අයදුම්කරුවන් 281,810 දෙනෙකු සහභාගී වී ඇති අතර, එයින් 221,413 දෙනෙකු පාසල් අයදුම්කරුවන් ලෙසත්, 60,397 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙසත් සටහන් වී තිබේ.

විභාග ප්‍රතිඵල අනුව, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ මුළු පිරිස 176,527ක් ලෙස සඳහන් වේ. එයින් 146,405 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර, 30,122 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වේ.

මෙම සියලු තොරතුරු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button