ප්‍රධාන පුවත්

වත්කම් හා බැරකම් ප්‍රකාශ Online ක්‍රමයට අනිවාර්යයි – මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය අද සිට

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය අද (31) දින සිට විවෘත කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසුවේ, අද සිට වත්කම් හා බැරකම් ප්‍රකාශ නිකුත් කිරීම සඳහා මෙම නව Online පද්ධතිය භාවිත කිරීම අනිවාර්ය වන බවයි.

ඒ අනුව, ඉදිරියට සියලුම අදාළ පුද්ගලයින් විසින් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතු බවත්, එමඟින් ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුක්ත වනු ඇතැයිද සඳහන් වේ.

 

ඒ පිළිබදව පැහැදිලි කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා,

“2023 අංක 9 දරණ, දූෂණ විරෝධී පනත ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පාලනය කරනු ලබන මධ්යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම පෙරවරු 10ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇත. මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරාට පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු කාණ්ඩයන්ට අයත් වන නිලධාරීන් තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ එම පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතුයි.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button