ප්‍රධාන පුවත්

ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කෙරේ

ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා මේ වනවිට අධිකරණය මඟහැර සිටින බව අධිකරණයේදී සඳහන් විය.

ඒ අනුව, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යළි වරෙන්තුවක් නිකුත් කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා, නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන 2026 දෙසැම්බර් 09 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button